E   |     |  

 දිනය: 2016-11-23   පිළිතුර ලබා දී ඇත 

0937/ 2016 - ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 937/’16

      ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       දුම් රහිත දර උඳුන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;

                   (ii)       ඒ සඳහා මෙතෙක් සිදුකර ඇති ආයෝජනය කොපමණද;

      (iii) ජනතාවට වාණිජ මට්ටමින් ඉන්ධන දැව ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;

      (iv) ඉන්ධන දැව වගා කිරීමේ ව්‍යාපෘති යටතේ, ශාක වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-23

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දුම් රහිත දර උදුන් භාවිතය ප්‍රචලිත කිරීම : පියවර

පිළිතුරු දුන් දිනය

2017-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks