E   |     |  

 දිනය: 2016-11-25   පිළිතුර ලබා දී ඇත 

0978/ 2016 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු අනුර දිසානායක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       සී/ස මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම (MPMC) යටතේ නෞකාවලට ඉන්ධන සපයනු ලබන තෙල් ටැංකි සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ටැංකියක ධාරිතාවය සහ ගබඩා කර ඇති ඉන්ධන වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) 2014 ජූලි මාසයේදී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවිතරයන්ට නොගැලපෙන බැවින් ප්‍රතික්ෂේප වූ MGO වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 7,400ක් ඉහත සමාගම මිලදීගෙන තිබේද;

      (iv) එකී ඉන්ධන මෙට්‍රික් ටොන් එකක මිල කොපමණද;

      (v) සංස්ථාව විසින් ප්‍රතික්ෂේපිත මෙම ඉන්ධන මිලදී ගැනීමට සමාගමට අනුමතිය ලබා දුන්නේ කවුරුන්ද;

      (vi) 2014 දෙසැම්බර්, 2015 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ‍මෙම ඉන්ධන මෙට්‍රික් ටොන් එකක විකුණුම් මිල වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2014 සහ 2015 වර්ෂවලදී ජාත්‍යන්තර වෙ‍ළඳපොළේ මිල උච්චාවචනය  නොසලකා ඉන්ධන ගබඩා කිරීමෙන් සමාගමට සිදු වූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ඊට වගකිවයුත්තන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) 2014.12.03 බඳවාගත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (Bunkering)ගේ මාසික වැටුප, කාර්ය භාරය  සහ ජනාධිපතිවරණ සමයේදී එම නීති විරෝධී පත්වීම සිදුකළ හේතුව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-25

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks