E   |     |  

 දිනය: 2016-11-26   පිළිතුර ලබා දී ඇත 

0979/ 2016 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු අනුර දිසානායක මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2009 වර්ෂයේ මැයි මස උතුරු නැගෙනහිර යුද තත්ත්වය අවසන්වීමත් සමඟ රජයට භාරවූ හෝ අත්අඩංගුවට ගත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

      (ii) අත්අඩංගුවට ගත් සහ භාරවූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අතරින් මේ වනවිට පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති සංඛ්‍යාව කොපමණද;

      (iii) තවදුරටත් බන්ධනාගාරවල රඳවා සිටින එල්. ටී. ටී. ඊ. රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

      (iv) ඔවුන් රිමාන්ඩ් සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින කාලය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වසරකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරවල රඳවා සිටින මුළු රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;

      (ii) ඉහත ආ (i) සඳහන් සිරකරුවන් සංඛ්‍යාව, රිමාන්ඩ් භාරයේ පසුවන කාලය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) වසර 07කට වැඩි කාලයක් රිමාන්ඩ් සිරකරුවන් ලෙස රඳවා සිටින             එල්. ටී. ටී. ඊ. රැඳවියන් නොවන සිරකරුවන් සිටින්නේද;

      (iv) එසේ නම්, එම සංඛ්‍යාව කවරේද;

       

       

       

      (v) දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-26

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks