පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බැවින්, ප්‍රමුඛතා පදනමින් විමර්ශනය කරන මෙන් ඉල්ලමින් එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් 2015.01.08 වැනි දින රාත්‍රියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව, 2015.01.14 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්;
(ii) ඒ පිළිබඳව මවිසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු වාචික ප්‍රශ්නයකට 2016.03.09 වැනි දින පිළිතුරු දෙමින් නීතිය සහ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විසින් නීතිපති උපදෙස් නොලැබීමෙන් ඉදිරි කටයුතු ඇණහිට ඇතැයි පැවසූ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එකී විමර්ශනය පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයාට ලැබුණු දිනය කවරේද;
(ii) එකී විමර්ශනය පිළිබඳ නීතිපති උපදෙස් පොලීසියට යැවූ දිනය කවරේද;
(iii) නීතිපති උපදෙස් මේ වනතෙක් යවා නොමැති නම්, ඊට බල පෑ හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-21
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ගරු මංගල සමරවීර මැතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල: වර්තමාන තත්ත්වය
පිළිතුරු දුන් දිනය
2017-05-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාරතී දුෂ්මන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks