පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නාමල් රාජපක්ෂ මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට දක්වා ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ගයේ ඉඩම් අත් කරගැනීම් අවසන්කර තිබේද;
(ii) එම ඉඩම් සඳහා වන්දි තක්සේරුකර තිබේද;
(iii) එසේ නම්, වන්දි මුදල් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් ඉඩම් අයිතිකරුවන් වශයෙන් හඳුන්වනු ලබන, අනවසර පදිංචිකරුවන්, බලපත්‍රලාභීන් සහ සින්නක්කර ඔප්පුහිමියන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම් අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත (ii)හි සඳහන් පුද්ගලයන් අතරින් මේ වනවිට වන්දි මුදල් ගෙවා ඇති සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
(iv) ඉහත (ii)හි සඳහන් පුද්ගලයන් අතරින් මේ වනවිට වන්දි මුදල් ගෙවා නොමැති සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
(v) ඉහත (iv)හි සඳහන් පුද්ගලයන්ට වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉවත් කරනු ලබන අනවසර පදිංචිකරුවන්ට ඉඩම් කොටසක් ලබා දෙන්නේද;
(ii) ඔවුන්ට නිවසක් ඉදිකර ගැනීමට සරිලන වන්දි මුදලක් ලබා දෙන්නේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-01
අසන ලද්දේ
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
හම්බන්තොට යෝජිත අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත් කරගැනීම: වන්දි
පිළිතුරු දුන් දිනය
2017-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks