E   |     |  

 දිනය: 2016-11-30   පිළිතුර ලබා දී ඇත 

1021/ 2016 - ගරු ඩී. වී. චානක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ඩී. වී. චානක මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානය ඉදිකිරීම සඳහා වැයකරන ලද මුළු මුදල කොපමණද;

                  (ii)      එම උද්‍යානය ඉදිකර ඇත්තේ ‍පේරාදෙණිය, හග්ගල සහ සෙනරත්ගොඩ උද්‍යාන ඉදිකිරීමෙන් කොපමණ කාලයකට පසුවද;

      (iii) එම උද්‍යානය විවෘත කිරීමෙන් පසු දේශීය සහ විදේශීය සංචාරකයන් අතර මහත් ආකර්ෂණයක් වූ බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත කී උද්‍යානයට අයත් භූමි භාගය චීන රජයට පවරාදීම සඳහා මූලික පිඹුරුපත් සකස් වෙමින් පවතින බව දන්නේද;

       (ii) එසේ පවරාදීමක් සිදු වුවහොත්, එම උද්‍යානය ඉදිකිරීම සඳහා වැයකරන ලද මුදල් සඳහා වගකියනු ලබන්නේ කවුරුන්ද;

       (iii) මෙම පවරාදීම වැළැක්වීමට පියවර ගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-30

අසන ලද්දේ

ගරු ඩී. වී. චානක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks