E   |     |  

 දිනය: 2016-12-02   පිළිතුර ලබා දී ඇත 

1025/ 2016 - ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මුලතිව්, වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවල පශු සම්පත් සඳහා වූ තෘණ බිම් සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       මුලතිව් ප්‍රදේශයේ පශු සම්පත් සඳහා වූ තෘණ බිම් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති ඉඩම් මුදා ගැනීමට වනජීවී ආරක්ෂක අංශය විසින් අවසර දීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව දන්නේද;

       

       

      (iii) පශු පාලනයේ නිරතවන්නන් මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමක් වශයෙන් තෘණ බිම් ලෙස වෙන්කර තිබෙන ඉඩම්, වනජීවී ආරක්ෂක අංශයෙන් මුදවාගෙන පශු පාලනයේ නිරතවන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-12-02

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තෘණ බිම් සඳහා වෙන් කර ඇති ඉඩම් : මුදා ගැනීම

පිළිතුරු දුන් දිනය

2017-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks