E   |     |  

 දිනය: 2016-12-06   පිළිතුර ලබා දී ඇත 

1027/ 2016 - ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2007.07.01 දිනයෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ නිලධාරින්         අ.පො.ස. (සා/පෙ) විභාගයෙන් සිංහල භාෂාව ‍විෂයයක් ලෙස සමත් ‍විය යුතු බවත්;

                   (ii)      රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු‍ව විසින් මෙහෙයවනු ලබන වාචික පරීක්ෂණයෙන් ද සමත් විය යුතු බවත්;

      (iii) මෙම පරීක්ෂණය නිශ්චිත කාල සටහනකට අනුව නොපවත්වන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙම පරීක්ෂණය කාල සටහනකට අනුව පැවැත්වීමට කටයුතු කරන්නේද;

      (ii) නොඑසේ නම්, උතුරු පළාත් සභාවට හෝ දිස්ත්‍රික් පරිපාලනයට මෙම වගකීම භාර දීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-12-06

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය සේවකයන් සඳහා වන සිංහල වාචික පරීක්ෂණ : නිශ්චිත කාල සටහන

පිළිතුරු දුන් දිනය

2016-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks