E   |     |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

1036/ 2017 - ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය ය‍ටතට ගම්පහ දිස්ත්‍රික්කය අයත් වන්නේද;

                  (ii)      එසේ නම්, එම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශය විසින් වෙන් කර ඇති මුදල කොපමණද; 

      (iii) ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන  සංවර්ධන ව්‍යාපෘති කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2016 වර්ෂයේ අයවැයෙන් “මහ කොළඹ නාගරික ප්‍රවාහන හා සංවර්ධන ව්‍යාපෘතිය” සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 714ක මුදලින් ආරම්භ කර ඇති පිටත වටරවුම් හා දක්ෂිණ අධිවේගී මාර්ග ප්‍රවේශ පුළුල් කිරීමේ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

       

      (ii) ඉහත (i) හි සඳහන් ව්‍යාපෘති කවරේද;

      (iii) සංවර්ධනය කර ඇති දුම්රිය මාර්ග හා බස් පර්යන්ත සංඛ්‍යාව කොපමණද; 

      (iv) ඉහත (ii) හි සඳහන් ව්‍යාපෘති හේතුවෙන් මහජනතාවගේ ගමන් කාලය පැවති ප්‍රමාණයට වඩා කොපමණ ප්‍රමාණයකින් අඩු වී තිබේද; 

      (v) ඉහත (i)හි සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති නම්, ඒ සඳහා වෙන් කරන ලද  මුදලට සිදුවූයේ කවරක්ද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහ කොළඹ නාගරික ප්‍රවාහන හා සංවර්ධන ව්‍යාපෘතිය: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks