පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2014ට පෙර කුරුදු, ගම්මිරිස්, පුවක්, කරාබුනැටි, බුලත් සහ කොකෝවා යන භෝගවල අපනයනයට සාපේක්ෂව, වර්ෂ 2015 හා 2016 තුළ අපනයනය වැඩි වී තිබේද;
(ii) එසේ නම්, ඉහත එක් එක් භෝගයෙහි අපනයනය වැඩි වී ඇති ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නව වගා වැඩසටහන යටතේ මෙම වර්ෂ තුළ වගා කටයුතු වැඩි කර ඇති හෙක්ටයාර් ප්‍රමාණය කොපමණද;
(ii) ස්ථාපිත කර ඇති සැකසුම් මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) සිදු කර ඇති යන්ත්‍රෝපකරණ බෙදා දීම් සංඛ්‍යාව කොපමණද;
(iv) ආරම්භ කර ඇති කාබනික ගම්මාන හා කුළුබඩු උද්‍යාන සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත කටයුතු ක්‍රියාත්මක වී නොමැති නම්, 2016 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 500 ක මුදල භාවිතා කර ඇති කාරණය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද සුළු අපනයන භෝග ප්‍රවර්ධන වැඩසටහන් කවරේද;
(ii) ඒ හේතුවෙන් ඵලදාව වැඩි වී ඇති ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-23
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සුළු අපනයන භෝග ප්‍රවර්ධන වැඩසටහන් : විස්තර
පිළිතුරු දුන් දිනය
2017-02-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයා ගමගේ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks