පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කනක හේරත් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේදී ජීවනාධාර දීමනා ලබා දී ඇති ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) 2015 වර්ෂයේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර ලෙස ලබා දී ඇති මුළු මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2016 සැප්තැම්බර් 30 වනවිට අලුතින් ඉල්ලුම් කළ ආබාධ සහිත පුද්ගලයන් සඳහා දීමනා ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) 2015 වර්ෂයේ සිට මෙම දීමනා නොලැබෙන ආබාධ සහිත පුද්ගලයන් සිටින බව පිළිගන්නේද;
(ii) එසේ නම්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින එවැනි ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත (ii)හි සඳහන් පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම පුද්ගලයන්ට මෙම වර්ෂය තුළදී දීමනා ලබාදීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-06
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර: විස්තර
පිළිතුරු දුන් දිනය
2017-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks