E   |     |  

 දිනය: 2017-07-25   පිළිතුර ලබා දී ඇත 

1113/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1113/’16

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2010 සිට 2016 වර්ෂය දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ,

                     (i)      ලබා දුන් ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සංඛ්‍යාව කවරේද;

                  (ii)      එම බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

      (iii) එම බලපත්‍ර ලබාදීම තුළින් වාර්ෂිකව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබුණු ආදායම කොපමණද;

      (iv) ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදීමේදී සලකා බලන නිර්ණායක කවරේද;

      (v) මෙසේ ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදීමේදී යම් වංචා, දූෂණ සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-07-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් : බලපත්‍ර

පිළිතුරු දුන් දිනය

2017-11-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks