E   |     |  

 දිනය: 2010-10-08   පිළිතුර ලබා දී ඇත 

0363/ 2010 - ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0363/’10

      ගරු ආර්. යෝගරාජන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      පසුගිය වර්ෂ කිහිපය තුළ පාසල් නිල ඇඳුම් සඳහා රෙදි සැපයීමේදී,

                    (i)      “දේශීය වශයෙන් විවීම සහ පිරිසැකසුම් කිරීම”

                   (ii)      “අමුරෙදි ආනයනය කොට දේශීයව පිරිසැකසුම් කිරීම”    

      යන ක්‍රම දෙක අනුව එය සිදු කළ බව එතුමා දන්නෙහිද?        

      (ආ) (i) ඉහත (i) ක්‍රමය යටතේ සැපයූ රෙදි ආනයනය කරන ලද්දේ නිමි රෙදි ආකාරයෙන් බවත්;

      (ii) මෙම රෙදි සපයන සමාගම්වලට විශාල ප්‍රමාණයෙන් රෙදි විවීමට හෝ පිරිසැකසුම් කිරීමට‍ අවශ්‍ය ධාරිතාව හෝ සේවක සංඛ්‍යාව නොමැති බවත්;

      (iii) කාර්මික සංවර්ධන අමාත්‍යංශයේ 2009.11.24 දිනැති ලිපියට අනුව රෙදි විවීම සඳහා වූ නූල් ආනයනය  කිරීම පිළිබඳ ආනයන භාණ්ඩ ලේඛන සහ රේගු ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවත්;

      (iv) දේශීය කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාමට සහය දීම සඳහා ලබාදුන් ඉහල මිල ඔවුන් අයුතු ප්‍රයෝජන ලබාගැනීමට භාවිතා කර ඇති බවත්;

      (v) රජය විසින් මෙම රෙදි සෘජුවම ආනයනය කළේ නම්, රජයට බිලියන 1.5ක් ඉතිරිකර ගැනීමට හැකියාව තිබූ අතර එම මුදල අධ්‍යාපනය සඳහා වන වෙනත් වියදම් සඳහා යෙදවීමට හැකියාව තිබූ බවත්; 

      එතුමා දන්නෙහිද?        

      (ඇ) මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් කවුරුන්ද යන්නත්, ඔවුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-10-08

අසන ලද්දේ

ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks