E   |     |  

 දිනය: 2017-02-23   පිළිතුර ලබා දී ඇත 

1143/ 2017 - ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1143/’16

      ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තු, උතුරු වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;

                   (ii)       ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරන්නේද;

      (iii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;

      (iv) එහි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;

      (v) එම ග්‍රාම නිලධාරි වසම්වල නිල අංක හා නාමයන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;

      (ii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ග්‍රාම නිලධාරි වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන්නේද;

        (ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරි වසම්වල නාමය, නිල අංක ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2017-02-23

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උතුරු වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිමල් ලාන්සා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks