E   |     |  

 දිනය: 2017-04-06   පිළිතුර ලබා දී ඇත 

1170/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා ගෙන් ඇසීමට,— (2)

      (අ)          (i)      2014 සැප්තැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා කාලයේදී ලංකා සතොස මඟින් ආනයනය කරනු ලැබූ සහල් ප්‍රමාණය කොපමණද;

                  (ii)      ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

      (iii) එක් එක් ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;

      (iv) ආනයනික සහල් නිෂ්කාශනය කිරීම හා ප්‍රමාද ගාස්තු වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුවට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවනු ලැබූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද; 

      (v) සහල් කිලෝවක ආනයනික මිල සහ විකුණුම් මිල වෙන් වෙන් වශයෙන් කවරේද;

        (vi) ඒ අනුව ලංකා ස‍තොසට සිදුවූ අලාභය කවරේද;

        (vii) මෙම තොගයෙන් විකුණනු ලැබූ සහල් ප්‍රමාණය කොපමණද;

      (viii) නරක් වූ සහල් ප්‍රමාණය සහ සත්ව ආහාර ලෙස සහල් විකිණීමට කැබිනට් අනුමතිය ලැබුනු   දිනය කවරේද;

      (ix) එසේ විකිණූ සහල් ප්‍රමාණය, කිලෝවක විකුණුම් මිල සහ සිදු වූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (x) සත්ව ආහාර ලෙස එම නරක් වූ සහල් මිලදී ගත් ආයතනය සහ ප්‍රමාණය කවරේද;

      (xi) සහල් ආනයනයේ සිට විකිණීම දක්වා සමස්ත ක්‍රියාවලිය තුළ ලංකා සතොස වියදම් කළ මුදල, ඉපයූ මුදල හා අලාභය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-04-06

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා සතොස ආනයනය කළ සහල්: විස්තර

පිළිතුරු දුන් දිනය

2016-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks