E   |     |  

 දිනය: 2017-04-04   පිළිතුර ලබා දී ඇත 

1178/ 2017 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)          (i)      1983 වර්ෂය වනවිට යාපනය නගරය තුළ පැවති සුළු, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම සංඛ්‍යාවෙන් දමිළ ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

      (iii) සිංහල හෝ වෙනත් ජන වර්ගයක පුද්ගලයන්ට අයත් ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

      (iv) එහි සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ආ) (i) 1983 වර්ෂයේ දමිළ සහ සිංහල ව්‍යාපාරිකයන් පවත්වාගෙන ගිය ව්‍යාපාර සියල්ලම මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේද;

      (ii) නොඑසේ නම්, එම ව්‍යාපාර පවත්වාගෙන ගිය පුද්ගලයන් හෝ ඒවායේ උරුමකරුවන් හෝ යාපනය දිස්ත්‍රික්කය තුළ මේ වනවිටත් ජීවත්ව සිටින්නේද;

      (iii) එසේ නම්, එහි සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-04-04

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

1983 වන විට යාපනය නගරයේ පැවැති ව්‍යාපාර: විස්තර

පිළිතුරු දුන් දිනය

2016-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks