E   |     |  

 දිනය: 2010-08-18   පිළිතුර ලබා දී ඇත 

0373/ 2010 - ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0373/'10

      ගරු නූර්දීන් මෂූර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      වර්ෂ 1990 ඔක්තෝබර් මස 31 වැනි දින වන විට උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්කවල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහ වකුෆ් අංශයේ ලියාපදිංචි වී තිබූ,

      (i)   මුස්ලිම් පල්ලි, ජුම්ආ පල්ලි, තක්කියා, සාවියා සහ ධර්ගා යන මුස්ලිම් ආගමික පුණ්‍යායතනවල සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ඒවායේ නම්, ලිපිනයන් සහ ලියාපදිංචි අංක කවරේද:

      (iii)   මුස්ලිම් පල්ලි සහ පුණ්‍යායතනවල නීත්‍යානුකූල භාරකරුවන් වශයෙන්,  ශ්‍රී ලංකා වකුෆ්  මණ්ඩලයෙන් හෝ මුස්ලිම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ විසින් එවකට පත්කරනු ලැබ සිටි තැනැත්තන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

      (iv) එම එක් එක් මුස්ලිම් පල්ලි සහ පුණ්‍යායතනවලට අයත් යැයි කියනු ලබන (1956 අංක 51 දරන මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් පුණ්‍යාධාර භාරයන් හෝ වකුෆ් පනත යටතේ ලියාපදිංචි  කොට ඇති)  නිශ්චල දේපල හා ඉඩකඩම් කවරේද;

        (v) ඉහත එක් එක් වකුෆ් දේපල පිහිටි ස්ථානයේ වරිපනම් අංක සහ ලිපිනයන් කවරේද;

      යන්න දිස්ත්‍රික් මට්ටමින් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-08-18

අසන ලද්දේ

ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks