පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1276/’16
ගරු කංචන විජේසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) විදේශ විනිමය ඉපයීමට සහ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීමෙහිලා දායකත්වයක් ලබාදෙන ධීවර කර්මාන්තයේ අවිච්ඡින්න පැවැත්ම පිළිගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මාතර දිස්ත්‍රික්කයේ,
(i) ධීවර වරායන්, නැංගුරම් තොටුපල සංඛ්‍යාව සහ ඒවා පිහිටි ස්ථාන;
(ii) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව ලියාපදිංචි බහු දින හා එක් දින ධීවර යාත්‍රා සංඛ්‍යාව;
(iii) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන ධීවරයන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ,
(i) ධීවර යටිතල පහසුකම් නැංවීම සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය;
(ii) සහනාධාර පදනම මත බෙදා දී ඇති බහු දින සහ එක් දින යාත්‍රා සංඛ්‍යාව;
(iii) සහනාධාර පදනම මත බෙදා දී ඇති ධීවර ආම්පන්න කට්ටල, පණිවුඩ හුවමාරු යන්ත්‍ර සහ ජීවිත ආරක්ෂක කබා ප්‍රමාණය එක් එක් වර්ෂය හා ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-09
අසන ලද්දේ
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මාතර දිස්ත්‍රික්කයේ ධීවර වරායන්: විස්තර
පිළිතුරු දුන් දිනය
2017-05-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks