E   |     |  

 දිනය: 2017-02-22   පිළිතුර ලබා දී ඇත 

1279/ 2017 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1279/’16

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       තමාගේ පදිංචිය සඳහා හෝ වගාවන් සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා හෝ ප්‍රවේණිගත ඉඩම් නොමැති ජනතාව රජයට අයත් ඉඩම් තම පරිහරණය පිණිස අනවසරයෙන් උපයෝගී කර ගන්නා බවත්;

      (ii) කාලයාගේ ඇවෑමෙන් එසේ අනවසරයෙන් භුක්ති විඳිනු ලබන ඉඩම්, රජයේ අයිතියෙන් බැහැර කොට, නියමානුකූලව පවරාදීමේ පිළිවෙතක් සෑම රජයක් විසින්ම පවත්වාගෙන ආ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඒ අනුව, වර්ෂ 2013 සිට මේ දක්වා මාතර දිස්ත්‍රික්කය තුළ බෙදා දී ඇති ඔප්පු, දීමනාපත්‍ර, හිමිකම්පත්‍ර හෝ බලපත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) ඉහත (i) හි සඳහන් සංඛ්‍යාව, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින එහෙත්, කිසිදු නීත්‍යානුකූල ලේඛනයක් අහිමි පුද්ගලයන් සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) ඉහත (iii) හි සඳහන් පුද්ගලයන් වෙත දීමනා පත්‍රයක් හෝ අවම වශයෙන් බලපත්‍රයක් හෝ ලබාදීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-22

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනවසරයෙන් භුක්ති විඳින රජයේ ඉඩම්වලට බලපත්‍ර බෙදා දීම : මාතර දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks