E   |     |  

 දිනය: 2017-07-07   පිළිතුර ලබා දී ඇත 

1294/ 2017 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1294/’16

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       නෛතික අයිතිය නොමැතිව මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල මේ දක්වා   පදිංචිව සිටින හෝ වගා කරමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) ඉහත (i) හි සඳහන් පුද්ගලයන් සංඛ්‍යාවෙන් කවර සංඛ්‍යාවකට ඔප්පු හෝ බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබේද;

      (iv) ඉහත (iii) හි සඳහන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) 2014 හා 2015 වර්ෂයන්හි මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා පිරිනමා ඇති ඔප්පු හෝ බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

      (vi) ඉහත (v) හි සඳහන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-07-07

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නෛතික අයිතිය නොමැති රජයේ ඉඩම්වල පදිංචිකරුවන්: මාතර දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks