E   |     |  

 දිනය: 2017-05-24   පිළිතුර ලබා දී ඇත 

1302/ 2017 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1302/’16

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කිලෝමීටර් ප්‍රමාණය, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

                  (ii)      එම ප්‍රමාණය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) 2013, 2014, 2015 සහ 2016 යන වර්ෂයන්හි කාපට් අතුරන ලද දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර් ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) දකුණු පළාත් සභාවට අයත් මාර්ග සංවර්ධනය කිරීමට හා නඩත්තු කිරීමට ප්‍රතිපාදන සපයනු ලබන ප්‍රභවයන් කවරේද;

      (v) 2013, 2014, 2015 සහ 2016 යන වර්ෂයන්හි ඉහත ප්‍රභවයන් යටතේ මාතර දිස්ත්‍රික්කයේ පළාත් මාර්ග සංවර්ධනය සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය එක් එක් ප්‍රභවය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-24

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාතර දිස්ත්‍රික්කයේ පළාත් මාර්ග සංවර්ධනය : වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2017-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks