පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1309/’16
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථාන කවරේද;
(iii) 2014.12.31 දින දක්වා ප්‍රාදේශීය මධ්‍යස්ථාන මඟින් ලබා දී ඇති ගෘහස්ථ හා ව්‍යාපාරික ජල සම්බන්ධතා ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) 2015.01.01 සිට මේ දක්වා එකී ප්‍රාදේශීය මධ්‍යස්ථාන මඟින් ලබා දුන් ජල සම්බන්ධතා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාවය සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) වර්ෂ 2013 සිට 2016 දක්වා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබූ පානීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල සම්බන්ධතා අයදුම් කර ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඔවුන් සඳහා ජල සම්බන්ධතා ලබා දීම සිදුකරන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-11
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පානීය ජල අවශ්‍යතාව සඳහා වැය කළ මුදල : මාතර දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2017-08-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks