පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1311/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ පිටපතක් සභාගත කරන්නේද;
(iii) කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;
(iv) එහි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;
(v) එම ග්‍රාම නිලධාරි වසම්වල අංකයන් හා නාමයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳව විස්තර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරි වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරනු ලබන්නේද;
(ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරි වසම්වල නම්, අංකයන් ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;
(iii) කල්මුනේ ද්‍රවිඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හෝ උප ලේකම් කොට්ඨාසයක් පිහිටුවා තිබේද;
(iv) එසේ නම්, එයට අදාළ ගැසට් පත්‍රය සභාගත කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-04
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : විස්තර
පිළිතුරු දුන් දිනය
2017-07-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks