E   |     |  

 දිනය: 2017-06-22   පිළිතුර ලබා දී ඇත 

1323/ 2017 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු වාසුදේව නානායක්කාර මහතා,— කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)      වතු කම්කරු වැටුප් පිළිබඳව ක්‍රියාත්මක සාමූහික ගිවිසුම පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාගේ සහ රජයේ වගකීම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)        (i)       අයවැය සහන දීමනාවක් වූ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපට මාසිකව රු.2500/-ක් එකතු කිරීම, සාමූහික ගිවිසුම අනුව වතු කම්කරු මාසික වැටුපට එකතුවී නැති බවත්;

      (ii) අවම වශයෙන් මූලික වැටුප දිනකට රුපියල් 500/-ක් සමග රුපියල් 1000/-ක් දක්වා වැඩි කළ යුතුව තිබූ බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) (i) එසේ නම්, එම ස්ථාවරයේ පිහිටා එම වැඩිකරන ලද මුදල නොගෙවන හාම්පුතුන්ට විරුද්ධව නඩු දැමීමට කටයුතු කරන්නේද;

      (ii) සාමූහිකව ගිවිසුමක් ඇති විටක රජය ගෙන එනු ලැබූ අයවැය සහන දීමනා නොගෙවන්නේ සාමූහික ගිවිසුමේ කොන්දේසි, සහන දීමනා නීතියට වඩා වැඩි වාසිදායක වන අවස්ථාවන්හිදි බව පිළිගන්නේද;

      (iii) එසේ නොමැති නම්, සාමූහික ගිවිසුම අනුමත කළ හේතුව කවරේද;

      (iv) මෙම රු.2500/- දීමනාවට සමාන මුදලක් දැනටමත් සමහර පුද්ගලික වතු පාලකයන් විසින් ඔවුන්ගේ කම්කරුවන්ට ගෙවනු ලබන බව දන්නේද;

      (v) එසේ නම්, වතු සමාගම්වලට මෙම මුදල් ගෙවිය නොහැකි බවට ඔවුන් කරන ප්‍රකාශ පිළිගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-22

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අය වැය සහන දීමනාව : වතු කම්කරු වැටුපට එකතු නොකිරීම

පිළිතුරු දුන් දිනය

2017-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks