E   |     |  

 දිනය: 2017-06-07   පිළිතුර ලබා දී ඇත 

1339/ 2017 - ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       1992 වර්ෂයේදී, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පල්ලියගොඩැල්ල සහ අක්බර්පුර යන ගම්මානවලට කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ, නිවාස, දේපළ අහිමිවූ හෝ වෙනත් ආකාරයෙන් පීඩාවට පත් පුද්ගලයන් පිළිබඳ විස්තර කවරේද;

      (ii) එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් අතර එවකට පවුලේ ගෘහමූලිකයන් ලෙස හඳුනාගෙන සිටි පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      (iii) අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබාදීමේදී අනුගමනය කළ යුතු බවට සඳහන් අමාත්‍යාංශයේ පොදු නිර්ණායකයෙහි අනු පවුල් ලෙස සලකන ක්‍රමවේදය නිසා එම ත්‍රස්ත විපතට මුහුණදුන් අවස්ථාවේදී වයස 18 න් පහළ තැනැත්තන්ට බලවත් අසාධාරණයක් සිදුවී තිබෙන බව පිළිගන්නේද;

      (iv) එසේ නම්, DPS/ DD-3/ Housing Proj/ 2016 යටතේ ක්‍රියාත්මක තර්ජනයට ලක්වූ ගම්මානයන්හි නැවත පදිංචි කිරීම සඳහා වූ නිවාසලාභීන් තෝරාගැනීමේදී එවකට බාල වයසේ පසුවූ දැනට පවුලක් ලෙස ජීවත්වන පුද්ගලයන් අනු පවුල් ලෙස පිළිගැනීමට උපදෙස් දෙන්නේද;

      (v) එම අනු පවුල් සඳහා නිවාස ලබාදීමට පියවර ගන්නේද;

        යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-07

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පීඩාවට පත් පුද්ගලයන්: පල්ලියගොඩැල්ල සහ අක්බර්පුර ගම්මාන

පිළිතුරු දුන් දිනය

2017-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී.එම්. ස්වාමිනාදන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks