E   |     |  

 දිනය: 2017-02-22   පිළිතුර ලබා දී ඇත 

1340/ 2017 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, නෙරියම්මඩුව ප්‍රදේශයේ, 6 කණුව, පඩෙක්කාඩු, උන්නිච්චිය ප්‍රදේශයේ පිහිටි අක්කර 30ක වපසරියෙන් යුතු කුඹුරු ඉඩම 99 අවුරුදු බදු ක්‍රමය යටතේ රජය විසින් 1956.09.30 වැනි දින එවකට මඩකලපුවේ පන්සල පාර, අංක 34 යන ස්ථානයේ පදිංචිව සිටි ධර්මදාස තෙන්නහේවා මහතාට ලබාදී තිබූ බවත්;

      (ii) ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් වර්ෂ 1987 දී පමණ ධර්මදාස තෙන්නහේවා මහතාට සහ පවුලේ සාමාජිකයන්ට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට සිදු වූ බවත්;

      (iii) ඉහත කී කුඹුරු ඉඩමට අදාළව, 99 අවුරුදු බද්ද තවදුරටත් වලංගුව පවතින බවත්;

      (iv) එම කුඹුරු ඉඩම දැනට මඩකලපුව, ලේක් රෝඩ් 2, අංක 66 දරන නි‍වසේ පදිංචි කන්දයියා යෝගවෙල් නමැති අය විසින් නීති විරෝධීව සහ බලහත්කාරයෙන් භුක්ති විඳින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත කී කුඹුරු ඉඩම නීති විරෝධීව භුක්ති විඳින තැනැත්තා නෙරපා දමා නීත්‍යානුකූලව එකී ඉඩමේ භුක්තිය දැරීමට අයිතිය ඇති, මේ වනවිට මියගොස් සිටින ධර්මදාස තෙන්නහේවා මහතාගේ උරුමකරුවන් වෙත එහි සන්තකය ලබා දීමට පියවර ගන්නේද;

      (ii) නොඑසේ නම්, එයට හේතු ‍කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-22

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks