පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1347/’16
ගරු ලකී ජයවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහන සඳහා තෝරාගෙන ඇති උඩුනුවර මැතිවරණ කොට්ඨාසයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත (i) හි සඳහන් පාසල් කවරේද;
(iii) මේ වනවිට එම පාසල් අතරින් නව ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතව ඇති පාසල් කවරේද;
(iv) එම පාසල්වල ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහන යටතේ තෝරා ගත් පාසල් අතරින් ඉඩකඩ අවම තත්ත්වයේ පවතින පාසල් සඳහා ගොඩනැගිලි ඉදිකිරීමට යෝජනා වී නොමැති බව දන්නේද;
(ii) මෙම වැඩසටහන යටතේ ගොඩනැගිලි පහසුකම් ඉතා අත්‍යවශ්‍ය පාසල් සඳහා ගොඩනැගිලි ලබාදීමට කටයුතු නොකර ඇත්තේ මන්ද;
(iii) එම පාසල් සඳහාද ඉතා ඉක්මණින් ගොඩනැගිලි පහසුකම් ලබාදීමට පියවර ගන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-23
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
"ළඟම පාසල - හොඳම පාසල" වැඩසටහන : උඩුනුවර මැතිවරණ කොට්ඨාසය
පිළිතුරු දුන් දිනය
2017-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks