07

E   |     |  

 දිනය: 2017-02-23   පිළිතුර ලබා දී ඇත 

1349/ 2017 - ගරු රෝහිණි කුමාරි විජේරත්න, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1349/’16

      ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සාමාන්‍යයෙන් වෘත්තීය පුහුණුවීම් සඳහා යොමුවීමට අධෛර්යමත් වන බවත්;

                   (ii)       වර්තමානයේ ශ්‍රී ලංකාවේ ශ්‍රමික වෙළඳපොල ඉල්ලුම සපුරාලීමේදී තරුණ ප්‍රජාව සතු නිපුණතාවයන්ගේ නොගැලපීමක් පවතින බවත්;

      (iii) දරුවන් විවිධ කුසලතාවයන් සඳහා පුහුණු කර, නව වෘත්තීය මාර්ගයන් කරා යොමු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) ප්‍රාථමික මට්ටමේ සිට තෘතීයික මට්ටම දක්වා පාසල් දරුවන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පිටිවහලක් ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයද ඇතිව පාසල් විෂය මාලාවෙහි වෙනසක් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේද;

      (ii) එසේ නම්, එම පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-23

අසන ලද්දේ

රෝහිණි කුමාරි විජේරත්න

අමාත්‍යාංශය

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාසල් දරුවන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය : පියවර

පිළිතුරු දුන් දිනය

2017-04-07

විසින් පිළිතුරු දෙන ලදී

මහින්ද සමරසිංහ





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks