E   |     |  

 දිනය: 2017-03-10   පිළිතුර ලබා දී ඇත 

1351/ 2017 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1351/’16

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)     දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුළු ඉඩම් ප්‍රමාණය, එක් එක් නගරය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)     ඉහත (අ)හි සඳහන් මුළු ඉඩම් ප්‍රමාණයෙන් බදු පදනම යටතේ හෝ අන් කවර හෝ පදනමක් යටතේ මේ වනවිට දෙපාර්තමේන්තු භාවිතයෙන් ඉවත්ව ඇති ඉඩම් වලට අදාළ,

      (i) වපසරිය;

      (ii) භූගෝලීය බලප්‍රදේශය;

      (iii) පදනම;

      (iv) දෙපාර්තමේන්තු භාවිතයෙන් ඉවත් වූ දිනය;

      අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට, විකිණීමට හෝ දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැර කිරීම සඳහා මේ වනවිට කිසියම් තීරණයක් ගෙන තිබේද;

      (ii) එසේ නම්, එම ඉඩම් කවරේද;

       (iii) අදාළ ඉඩම් බැහැර කිරීමේ පදනම කවරේද;

      (iv) බදු පදනම යටතේ බැහැර කොට ඇති ඉඩම් පර්චස් එකක් සඳහා දැනට අය කෙරෙන මාසික බදු මුදල කොපමණද;

      (v) බදු ගෙවීම පැහැර හැර ඇති ඉඩම් සංඛ්‍යාව කොපමණද;

      (vi) බදු ගෙවීම පැහැර හරින්නන් සම්බන්ධයෙන් ගනු ලබන නෛතික පියවර කවරේද;

      යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-03-10

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks