E   |     |  

 දිනය: 2017-06-07   පිළිතුර ලබා දී ඇත 

1365/ 2017 - ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       එක් එක් දිස්ත්‍රික්කය සඳහා අතිරේක දිසාපති (සංවර්ධන) තනතුරක්ද, එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා  සහකාර ප්‍රාදේශීය ලේකම් (සැලසුම් හා සංවර්ධන) තනතුරක්ද වශයෙන් නව තනතුරු ඇතිකිරීම සඳහා දීපව්‍යාප්තව, කටයුතු සිදු කරමින් පවතින බව හා මේ සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් පත්කිරීමට කටයුතු සිදු වෙමින් පවතින බව පිළිගන්නේද;

      (ii) ශ්‍රී ලංකාවේ දැනට පවතින දීපව්‍යාප්ත සේවාවලින් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයද එක් සේවාවක් වන අතර, මෙම සේවයේ නිලධාරින් සඳහා සුදුසු තනතුරු නිර්මාණය කර නොමැති බැවින්, පළමු ශ්‍රේණියේ නිලධාරින් බොහොමයක් II ශ්‍රේණියේ හා III ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි කරන බව දන්නේද;

      (iii) එබැවින්, අලුතින් ඇති කිරීමට නියමිත මෙම තනතුරු ක්‍රම සම්පාදන සේවයේ නිලධාරින්ට ලබාදීම සඳහා කටයුතු කරන්නේද;

              යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-07

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නව තනතුරු: පත්වීම්

පිළිතුරු දුන් දිනය

2017-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks