පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කණ්ඩාවලයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පුනානෙයි නීරාම් ගම්මානයේ දැනට පවුල් 1837 ක් ජීවත් වන බවත්;
(ii) මෙම පවුල්වලින්, පවුල් 780 කට මේ දක්වා ස්ථීර නිවාස නොලැබී ඇති අතර, පවුල් 391ක් කාන්තා මූලික පවුල් බවත්;
(iii) මෙම ගම්මානයට මූලික පහසුකම් බොහොමයක් ලබා දිය යුතු බවත්;
(iv) ගම්වැසියන් බොහෝ දෙනෙකුට ඉඩම් බලපත්‍ර නොමැති වීම බරපතල ප්‍රශ්නයක් බවට පත්වී ඇති බවත්;
(v) විශේෂයෙන් කාන්තා මූලික පවුල්වල ජීවනෝපායන් බොහෝ අඩාල වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ජනතාවගේ ඉහත අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති පියවර කවරේද;
(ii) මේ වනවිටත් පියවර ගෙන තිබේ නම්, ඒවා ආරම්භ කළ දිනය සහ අවසන් වන දිනය කවරේද;
(iii) මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති නම්, මෙම ගැටලුව පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-07
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පුන්නෛනීරාවි ගම්මානය : මූලික පහසුකම්
පිළිතුරු දුන් දිනය
2017-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී.එම්. ස්වාමිනාදන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks