පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1368/’16
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මෑතකදී උසස් කරන ලද තම්පිලුවිල් මධ්‍ය මහා විද්‍යාලය ඇතුළුව ජාතික පාසල් අටක් නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, කල්මුනේ අධ්‍යාපන කලාපයේ තිබෙන බවත්;
(ii) මේ වනවිටත් එම ජාතික පාසැල් සඳහා ස්ථීර විදුහල්පතිවරුන් පත්කර නොමැති බවත්;
(iii) ඉහත පාසල්වල ස්ථීර විදුහල්පතිවරුන් සිටින බවට වැරදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී ඇති බවත්;
(iv) අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අධීක්ෂණයක් නොමැතිව ඉහත පාසල් ක්‍රියාත්මක වනබවට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ සංගමය චෝදනා නගා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ජාතික පාසැල්වල විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම උපාධිධාරින් විය යුතු බවට වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි, ඉහත සඳහන් පාසල්වලට සුදුසු ස්ථීර විදුහල්පතිවරුන් පත්කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එය ක්‍රියාත්මක වන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-09
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
2017-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වී.එස්. රාධක්‍රිෂ්ණන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks