E   |     |  

 දිනය: 2017-05-25   පිළිතුර ලබා දී ඇත 

1380/ 2017 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       2016 අයවැයෙහි අංක 150 යෝජනාවට අනුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට (NAQDA) වෙන් කළ රුපියල් මිලියන 100න්, මහා භාණ්ඩාගාරය විසින් එම වර්ෂය තුළදී ලබා දුන් මුදල් ප්‍රමාණය කොපමණද;

      (ii) ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් එම මූල්‍ය ප්‍රතිපාදන වැය කිරීම සඳහා නිශ්චිත ව්‍යාපෘති සකසා තිබුනේද;

      (iii) 2016 වර්ෂයට වෙන් කළ ඉහත රුපියල් මිලියන 100 වැය කළ ආකාරය පිළිබඳ වැඩසටහන් විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය: මහා භාණ්ඩාගාරය ලබා දුන් මුදල්

පිළිතුරු දුන් දිනය

2017-05-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks