E   |     |  

 දිනය: 2017-05-25   පිළිතුර ලබා දී ඇත 

1381/ 2017 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1381/’16

      ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2016 අයවැයෙහි අංක 149 යෝජනාවට අනුව, අනුරාධපුර, වව්නියා සහ කිළිනොච්චි දිස්ත්‍රික්කයන්හි කෘෂි හා පශු සම්පත් මත්ස්‍ය සැකසුම් කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කළ බව පිළිගන්නේද;

      (ii) මෙම ව්‍යාපෘති තුන සඳහා ශක්‍යතා වාර්තා පිළියෙළ කරනු ලැබුවේ කවුරුන් විසින්ද;

      (iii) ඒ අනුව, මෙකී ව්‍යාපෘති තුන සඳහා ඇස්තමේන්තු කළ මුළු පිරිවැය කොපමණද;

      (iv) මෙකී ව්‍යාපෘති තුන සඳහා, 2016 වර්ෂාවසානය වනවිට මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදනය කොපමණද;

      (v) 2017 වර්ෂයට ඉහත ව්‍යාපෘති වෙනුවෙන් ලබා දිය හැකි මූල්‍ය ප්‍රතිපාදනය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කෘෂි, පශු සම්පත් සහ මත්ස්‍ය සැකසුම් කලාප ව්‍යාපෘති : මූල්‍ය ප්‍රතිපාදන

පිළිතුරු දුන් දිනය

2017-11-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks