E   |     |  

 දිනය: 2017-06-22   පිළිතුර ලබා දී ඇත 

1395/ 2017 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       2016 අයවැයෙහි අංක 165 සහ 166 යෝජනාවලට අනුව, 7 වන ශතවර්ෂය දක්වා වූ දීර්ඝ ඉතිහාසයක් ඇති, ශ්‍රී ලංකාවේ කුළුබඩු ගෝලීය වශයෙන් සන්නාමගත කිරීමේ වැඩපිළිවෙළ දියත්      කිරීම සඳහා අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 150ක ප්‍රතිපාදනය වැය කළ ආකාරය පිළිබඳ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

      (ii) 2016 වර්ෂය තුළදී උක්ත යෝජ‍නාවට අනුව, කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු සහ සාදික්කා ආදී වගාවන් සඳහා කල්බදු පදනමින් ලබා දුන් ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iii) එම කල්බදුලාභීන්ගේ නාම ලේඛනයක් සභාගත කරන්නේද;

      (iv) 2016 වර්ෂය තුළදී උක්ත වගාවන් සඳහා උනන්දු කරවනු ලැබූ ප්‍රාදේශීය වැවිලි සමාගම් කවරේද;

      (v) උක්ත අයවැය යෝජනාවෙන් කුරුඳු පර්යේෂණ වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 50ක ප්‍රතිපාදනය වැය කළ ආකාරය පිළිබඳ තහවුරු කරනු ලැබූ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-22

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අය වැය යෝජනා අනුව කුළුබඩු නිෂ්පාදනයේ දියුණුවට වෙන් කළ මුදල: වැය විස්තර

පිළිතුරු දුන් දිනය

2017-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks