බලන්න

E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1397/ 2017 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බන්දුල ගුණවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       2016 අයවැයෙහි අංක 162 යෝජනාවට අනුව, තේ, රබර් සහ පොල් පර්යේෂණ      ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදනය එකී පර්යේෂණ ආයතන තුන අතර බෙදාහරිනු ලැබුවේ කවර අනුපාතයට අනුවද;

      (ii) තේ, රබර් සහ පොල් පර්යේෂණ ආයතනයන්හි සේවා නියුක්තකයන්ගේ සංඛ්‍යා‍ව, එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) 2002, 2005, 2010 සහ 2014 වර්ෂවලදී, තේ පර්යේෂණ, රබර් පර්යේෂණ හා පොල් පර්යේෂණ සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් ප්‍රතිපාදනය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ක‍වරේද;

      (iv) ඉකුත් දශකය තුළ, තේ, රබර් සහ පොල් ක්‍ෂේත්‍ර තුනෙහි සිදුකළ පර්යේෂණයන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තේ, රබර් සහ පොල් පර්යේෂණ සඳහා වෙන් කළ මුදල : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-06-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks