E   |     |  

 දිනය: 2017-07-06   පිළිතුර ලබා දී ඇත 

1406/ 2017 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1406/’16

      ගරු බන්දුල ගුණවර්ධන මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2016 අයවැය යෝජනා අංක 185ට අනුව, නිදහස් Wi-Fi පහසුකම් සැපයූ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ එම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙම පහසුකම් භුක්ති විඳීම ආරම්භ කළ දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉහත ඩිජිටල්කරණ පහසුකම් සැපයීම වෙනුවෙන් රජය විසින් දරනු ලැබූ මුළු පිරිවැය කොපමණද;

      (iii) එම පිරිවැය, වැය බරක් වූ අමාත්‍යාංශය හෝ ආයතනය කවරේද;

      (iv) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් රජයට නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද;

        (v) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-07-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නිදහස් Wi-Fi පහසුකම් : රාජ්‍ය විශ්වවිද්‍යාල

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks