පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) 2016 අයවැය යෝජනා අංක 177ට අනුව, මැණික් හා ස්වර්ණාභරණ පුහුණු ආයතනයෙහි පාඨමාලා හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්රදානය කළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව, ඒවායේ වටිනාකම සහ ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්ෂ 1977 සිට මේ දක්වා මැණික් සහ ස්වර්ණාභරණ අපනයන මඟින් ඉපයූ විදේශ විනිමය ප්‍රමාණය, එක් එක් වර්ෂයේදී වර්ධනය වූ අයුරු දැක්වෙන දත්ත සටහනක් ඉදිරිපත් කරන්නේද;
(ii) වර්ෂ 2015න් පසු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙහි ප්‍රවර්ධනය සඳහා රජය අලුතින් හඳුන්වා දුන් ක්රමෝපායන් සහ වැඩසටහන් කවරේද;
(iii) වර්ෂ 2000 සිට මේ දක්වා චීනයට මැණික් අපනයනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ප්රවණතා එක් එක් වර්ෂය අනුව ඉදිරිපත් කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-22
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රවර්ධනය: ක්‍රියා මාර්ග
පිළිතුරු දුන් දිනය
2017-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුරාධ ජයරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks