E   |     |  

 දිනය: 2017-05-04   පිළිතුර ලබා දී ඇත 

1448/ 2017 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1448/’16

      ගරු බුද්ධික පතිරණ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       රාගම නගරය සංවර්ධනය සඳහා සැලසුම් සකස් කර තිබේද;

                  (ii)       එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;

                 (iii)       සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;     

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) නගර සංවර්ධනයේදී රාගම නගරයට එක්වන නව අංග කවරේද;

      (ii) එම ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;

      (iii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාගම නගරය සංවර්ධනය: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks