E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1468/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1468/’16

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2010 වර්ෂයේ සිට මේ දක්වා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එක් පළාත් පාලන ආයතනයකට ලබා දුන් අරමුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

      (iv) විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

      (v) වත්මන් යහපාලන රජය යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඝන හා විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති: වෙන් කළ මුදල

පිළිතුරු දුන් දිනය

2017-09-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks