E   |     |  

 දිනය: 2017-07-04   පිළිතුර ලබා දී ඇත 

1472/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1472/’16

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ,

                    (i)      සමෘද්ධි සහනාධාර ලබා ගන්නා පවුල් සංඛ්‍යාව;

                  (ii)      දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන පවුල් සංඛ්‍යාව;

      එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව ‍වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන සහ සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇතත්, සහනාධාර නොලැබෙන ජනතාවට සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-07-04

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන පවුල්: ඌව පළාත

පිළිතුරු දුන් දිනය

2017-07-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks