බලන්න

E   |     |  

 දිනය: 2017-06-06   පිළිතුර ලබා දී ඇත 

1481/ 2017 - ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1481/’16

      ගරු විදුර වික්‍රමනායක මහතා,— ‍අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බප/මතු/නවාන ප්‍රාථමික විදුහල නාය යාමේ අවදානම සහිත ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවත්;

      (ii) නවාන ප්‍රදේශයට දින තුනක් නොකඩවා වර්ෂාව පැවතියහොත්, පාසල වසා එම දිනයන් සඳහා නිවාඩු දිනයන්හිදී පන්ති පවත්වන ලෙස මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් දන්වා ඇති බවත්;

       

       

      (iii) ගමනාගමන දුෂ්කරතා සහ ආර්ථික අපහසුකම් නිසා දෙමාපියන්ට තම දරුවන් වෙනත් පාසල්වලට රැගෙන යාමට හැකියාවක් නොමැති බැවින් අනතුරුදායක තත්ත්වය යටතේ පවා එම විදුහලේම අධ්‍යාපනය ලබා දීමට සිදු වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) දින තුනක වර්ෂාපතනය එක් දිනකදී පතිත වුවහොත්, එම පාසලේ පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් ඇති නොවන්නේද;

      (ii) මෙම අනතුරුදායක තත්ත්වයෙන් පාසල් දරුවන් මුදාගැනීම සඳහා එම ප්‍රදේශයේ වෙනත් සුදුසු ස්ථානයක නවාන ප්‍රාථමික විදුහල ස්ථාපනය කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-06

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නවාන ප්‍රාථමික විදුහල: නාය යාමේ අවදානම

පිළිතුරු දුන් දිනය

2017-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks