E   |     |  

 දිනය: 2017-05-26   පිළිතුර ලබා දී ඇත 

1546/ 2017 - ගරු විමලවීර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1546/’17

      ගරු විමලවීර දිසානායක මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       අම්පාර, කල්මුණේ පාර, ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදිංචි ඩබ්ලිව්. ජී. සිරිල් පෙරේරා මහතා එම ලිපිනයෙහි වසර 17ක් අඛණ්ඩව පදිංචිවී සිටින බවත්;

                   (ii)       එම ඉඩම් කොටස සඳහා නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීමට දිගුකාලීනව කරන ලද ඉල්ලීමට අනුව අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛ අංක 2008/4 අනුව පවත්වන ලද ඉඩම් කච්චේරියකින් පර්චස් 20ක ඉඩම් කොටසක් ඔහුට ලබාදීමට නිර්දේශ වූ බවත්;

      (iii) එහෙත්, එම ඉඩම් කොටස විවිධ හේතු දක්වමින් ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු, එම කොමිසම විසින් සිදු කරන ලද විමර්ශනය අවසානයේදී ඒ මහතා පදිංචි ඉඩම නීත්‍යානුකූලව ඔහුට ලබාදීමට නිර්දේශ කරනු ලැබූ බවත්;

      (iv) නමුත්, මේ දක්වා ඔහුට එම ඉඩමේ අයිතිය ලබා දී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) පෙරේරා මහතාට සිදුවී ඇති මෙම අගතියට සහ අසාධාරණයට සහනයක් සලසා දීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-26

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඩබ්ලිව්.ජී. සිරිල් පෙරේරා මහතා පදිංචි ඉඩම: නීත්‍යනුකූල හිමිකම

පිළිතුරු දුන් දිනය

2017-07-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks