E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1548/ 2017 - ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)          (i)      2012, 2013 සහ 2014 වර්ෂවලදී කුඩා වාරිමාර්ග සංවර්ධනය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වෙන් කරන ලද ප්‍රතිපාදන, එක් එක්  ගොවිජන සේවා කොට්ඨාසය සහ වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම ප්‍රතිපාදන යොදා ගනිමින් සංවර්ධනය කරන ලද වැව් සහ ඒ සඳහා වැය කළ  මුදල වෙන්‍ වෙන් වශයෙන් කවරේද;

       යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

      (ආ) (i) මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් වී අස්වැන්නෙහි ඉහළ යෑමක් සිදුවී තිබේද;

      (ii) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;

      (iii) වැය කරන ලද ප්‍රතිපාදනවලට අනුව මෙම නිෂ්පාදන ඉහළ යෑම ප්‍රමාණවත් වන්නේද;

      (iv) නොඑසේ නම්, ඒ මන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) උක්ත වර්ෂයන්හිදී දියත් කරන ලද වැඩසටහන් නිවැරදි ආකාරයෙන් සිදු නොවූ බවට ගොවීන් විසින් චෝදනා නඟන බැවින්, මෙම සංවර්ධන කටයුතු පිළිබඳව පසු විපරම් සිදු කර තිබේද;

      (ii) එසේ නම්, එම විස්තර කවරේද;

      (iii) නොඑසේ නම්, මෙම සංවර්ධන කටයුතු පිළිබඳව පසු විපරම් කිරීමට පියවර ගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුඩා වාරිමාර්ග සංවර්ධනය : ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks