පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1569/’17
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, තෝපූර් ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සඳහා මුදල් වෙන් කරන ලද මූලාශ්‍ර කවරේද;
(ii) එම එක් එක් මූලාශ්‍රයෙන් වෙන් කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඒ සඳහා වැය වූ සමස්ත වියදම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම ක්‍රීඩාපිටිය 2017 ජනවාරි මාසයේ විවෘත කළ බවත්;
(ii) එම සමරු ඵලකයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාක්‍ෂිකයන්ගේ නම් පමණක් සඳහන් කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) මෙම නම් සඳහන් කර ඇති පදනම කවරේද;
(ii) රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පළාත් සභා මන්ත්‍රීවරයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිටියදී, ඔවුන්ගේ නම්, මෙම සමරු ඵලකයේ ඇතුළත් නොකිරීමට හේතු කවරේද;
(iii) මෙම ක්‍රීඩාපිටියට තබා ඇති නම සම්බන්ධයෙන් අදාළ ක්‍රියාපටිපාටි අනුගමනය කර තිබේද;
(iv) රජයේ මුදලින් කරනු ලබන සංවර්ධන කටයුතුවලදී එක් පක්ෂයකට පමණක් ප්‍රමුඛතාවය ලබාදී ප්‍රචාරය ලබාදීම යහපාලනයේ ලක්ෂණයක් ලෙස පිළිගන්නේද;
(v) මෙම වරද නිවැරදි කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-09
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
තෝප්පූර් ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු: විස්තර
පිළිතුරු දුන් දිනය
2017-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks