E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

1592/ 2017 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1592/’17

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශ සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම බලප්‍රදේශ පිහිටි මධ්‍යස්ථානවල නම් කවරේද;

                 (iii)      එම එක් එක් බලප්‍රදේශයෙන් පොහොර සහනාධාරය සඳහා ඉල්ලුම් කර ඇති ගොවීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එම ගොවීන් අතරින් පොහොර සහනාධාර මුදල් ලබාගත් ගොවීන් සංඛ්‍යාව කොපමණද;

      (v) පොහොර සහනාධාර මුදල් ලබාදීමට නියමිත ගොවීන් සංඛ්‍යාව කොපමණද;

      (vi) මෙතෙක් පොහොර සහනාධාර මුදල් නොලැබුණු ගොවීන් සඳහා මුදල් ලබාදීමට නියමිත දිනය කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රදේශ: පොහොර සහනාධාර

පිළිතුරු දුන් දිනය

2017-08-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks