E   |     |  

 දිනය: 2017-07-28   පිළිතුර ලබා දී ඇත 

1597/ 2017 - ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු විදුර වික්‍රමනායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       දිවයිනේ ජනප්‍රිය පාසල්වලට, විශේෂයෙන්, ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා දැඩි තරඟකාරීත්වයක් පවතින බවත්;

                   (ii)       මේ හේතුවෙන් අපහසුතාවයට  පත්වන දෙමාපියන් තම දරුවා එම පාසල්වලට ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ද ඉල්ලීම් ඉදිරිපත් කරන බවත්;

      (iii) දෙමව්පියන් පිරිසකගේ එවැනි ඉල්ලීමක් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විවිධ ශ්‍රේණි සඳහා ඇතුළත් කර ගැනීම පිණිස සිසුන්ගේ නාම ලේඛනයක් විදුහල්පතිතුමියට එවා ඇති බවත්;

      (iv) එම නාම ලේඛනයේ ඇතුළත් නම් අතරින්, ප්‍රමුඛතාවය ලබාදීම සඳහා  විදුහලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් අපේක්ෂා කරන බව සමහර දෙමාපියන් වෙත ආදි ශිෂ්‍ය නියෝජිතයන් වශයෙන් සිටින ඇතැම් පුද්ගලයන් විසින් දන්වා ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) විශේෂයෙන්ම දුප්පත් දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා නිදහස් අධ්‍යාපනයේ පියා විසින් ආරම්භ කරන ලද මධ්‍ය විද්‍යාල මෙලෙස මුදල් පසුපස හඹායාම බරපතල වරදක් මෙන්ම, බරපතල අසාධාරණයක් වන බවත් එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-07-28

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks