E   |     |  

 දිනය: 2017-08-11   පිළිතුර ලබා දී ඇත 

1606/ 2017 - ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1606/’17

      ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් (Smart Grid) බවට පත්කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;

                  (ii)       ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පත්කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ කවරේද;

      (iii) ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සුහුරු පද්ධතිය මඟින් සිදු කිරීම සඳහා වැය වන ආයෝජනය කොපමණද;

      (iv) එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන වර්ෂය කවරේද;

      (v) එම කාර්යය ඉටු කිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදෙන රාජ්‍ය සහ ජාත්‍යන්තර ආයතන කවරේද;

      (vi) එකී අරමුණ ඉටු කරගැනීම සඳහා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාදී ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-11

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පත් කිරීම : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-08-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks