E   |     |  

 දිනය: 2017-10-06   පිළිතුර ලබා දී ඇත 

1625/ 2017 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1625/’17

      ගරු හේෂාන් විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ජනප්‍රිය පාසල් සඳහා ශිෂ්‍යයන් ඇතුළත් කිරීමට උත්සාහ කිරීම මඟින් ග්‍රාමීය පාසල් විශාල ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයට ලක්වී ඇති බව පිළිගන්නේද;

      (ii) ශිෂ්‍යයන් 50 ට අඩුවෙන් සිටින පාසල් සංඛ්‍යාව කොපමණද;

      (iii) ඉහත (ii) හි සඳහන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       

      (ආ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ, ගොඩකවෙල කොට්ඨාසය තුළ පිහිටි කෝම්පිටිය විද්‍යාලය දැනට වසා දමා ඇති බව දන්නේද;

      (ii) මෙම පාසල වසා දැමීම පිළිබඳව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ අදාළ ආයතන දැනුවත් කර නොමැති බව පිළිගන්නේද;

      (iii) එසේ නම්, තම අභිමතය පරිදි පාසල වසා දමා එහි තිබූ භාණ්ඩ ද හිතුමතේ බෙදාදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු කොට්ඨාස සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයන් වගකිව යුතු බව පිළිගන්නේද;

      (iv) මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks