E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1643/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1643/’17

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා,

                   (i)       මධ්‍යම රජය විසින් ඌව පළාත් සභාවට ලබා දුන් මුදල;           

                  (ii)       ඌව පළාත් සභාව විසින් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කළ මුදල් ප්‍රමාණය ලබා දුන් මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස;

      (iii) පුනරාවර්තන වියදම් යටතේ සිදු කර ඇති  කටයුතු;

      (iv) ප්‍රාග්ධන වියදම් වශයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණය, ලබා දුන් මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස;

      (v) ප්‍රාග්ධන වියදම් යටතේ සිදු කර ඇති කටයුතු;

      එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මධ්‍යම රජය ඌව පළාත් සභාවට ලබා දුන් මුදල: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks